අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීතාවක ගඟේ මැණික් ගැරීමේ නියමු ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ජනතාවට

    අප්‍රේල් 09, 2014
    දෙහිඕවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ සීතාවක ගඟේ මැණික් ගැරීමේ නියමු ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් දෙහිඕවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ජනතාව වෙත ප්‍රදානය කිරීම ඊයේ (08) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී සිදු විය. 
     
    මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 446ක් අතරේ සියයට 10ක මුදලක් ප්‍රදානය කෙරෙන අතර සියයට 05ක් ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා දෙහිඕවිට ප්‍රදේශීය සභාවට බලය දෙයි. තව සියයට පහක ප්‍රමාණයක් ප්‍රදේශයේ ආගමික සිද්ධස්ථාන අතරේ බෙදාදීමට නියමිතය.
     
    පවුල් 25කට පමණ සංකේතාත්මක පරිදි ජනාධිපතිතුමා විසින් මෙම ප්‍රතිලාභ ප්‍රදානය කළ අතර ආදායම් ඉපදවීමේ වැඩපිළිවෙළක් වෙනුවෙන් මෙම ප්‍රතිලාභ ආයෝජනයක යෙදවීමට ජනතාවට යොමු කිරීමට නියමිතය.
     
    අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, මැණික් හා සුවර්ණාභාරණ අධිකාරියේ සභාපති අමිත ගුණරත්න මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE BENIFIT SETHAWAKA PEOPLE
     
     
     
     
    HE BENIFIT SETHAWAKA PEOPLE 1
     
     
     
     
     
    HE BENIFIT SETHAWAKA PEOPLE 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya