අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද්ධයේ නිමාව ශ‍්‍රී ලංකාවේ “ශ්‍රේෂ්ඨ ජයග‍්‍රහණයක්” පාකිස්ථාන ආරක්‍ෂක හමුදා ප‍්‍රධානියා කියයි

    අප්‍රේල් 08, 2014

    ශ‍්‍රී ලංකාව පීඩාවට පත් කළ දශක තුනකට ආසන්න යුද්ධය අවසන් කිරීම "ජාතියේ ශ්‍රේෂ්ඨ ජයග‍්‍රහණයක්" බව පාකිස්ථාන ආරක්‍ෂක හමුදා කාර්යමණ්ඩල ප‍්‍රධානීන්ගේ කමිටුවේ සභාපති ජෙනරල් රෂාද් මහමුද් (Gen. Rashad Mahmood) මහතා කියා සිටී.


    ඔහු එසේ ප‍්‍රකාශ කළේ අද (08) දහවල් අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ දී ය.


    පාකිස්ථානයේ සමාන අත්දැකීම් ගැන සඳහන් කළ ජෙනරල් මහමුද් “ඔබේ රට කළ පරිත්‍යාගයන් තවත් රටකට හොඳින් තේරුම් ගැනීමට බැහැ. ඔබ ලැබූ ජයග‍්‍රහණය සමස්ත කලාපයටම බෙහෙවින් වැදගත්. එය සෙසු ලෝකයා පාඩම් උගත යුතු ලොකු කතාවක්” යයි පැවසීය.


    යුද්ධයෙන් පසු උතුරේ සිදු කර ඇති සංවර්ධනය ගැන ජෙනරල් මහමුද් ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා වෙත ප‍්‍රසාදය පළ කළේය. “ඔබ අත් කර ගෙන ඇති ප‍්‍රගතිය විශාලයි. අප බැලිය යුත්තේ අනාගතය දෙසයැ”,යි ඔහු සඳහන් කළේය.


    ජෙනරල් මහමුද් මහතා සමග පැමිණ සිටි ශ‍්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ක්වාසිම් කුරේෂි (Maj. Gen. (R) Qasim Qureshi)  මහතා පසුගිය සැප්තැම්බර් මස උතුරු පළාත් සභා මැතිවරණය ආසන්නයේ තමා ප‍්‍රදේශයේ කළ චාරිකාවේ දී දුටු සංවර්ධනය ගැන පැසසුම් බසින් කතා කළේය. “එහිදී දුටු දෙයින් මා බලවත් සතුටට පත් වුණා”, කුරේෂි මහතා කීය.


    පාකිස්ථාන ජනාධිපතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍යතුමාගේ සුබපැතුම් ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා වෙත පුද කළ ජෙනරල් මහමුද් මහතා දෙරටේ සන්නද්ධ හමුදා අතර ඉතා ශක්තිමත් සබඳතා පවතින බවත්, මේ සහයෝගීතාව සෙසු ක්ෂේත‍්‍රවලට ව්‍යාප්ත කිරීමට හැකි වෙතැයි අපේක්‍ෂා කරන බවත් පැවසීය. නොබෝදා ශ‍්‍රී ලංකාව අත්කර ගත් ක‍්‍රිකට් ජයග‍්‍රහණය පිළිබඳව සතුට පළ කිරීමට ද ඔහු අමතක කළේ නැත.


    ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරල් ජගත් ජයසූරිය මහතා ද කතාබහට එක් විය.


    HC

    Pakistani Head of Joint Chiefs meet He 1

    Pakistani Head of Joint Chiefs meet He 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya