අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එජාපය යුද්ධයක් ඇති කර ආර්ථික වශයෙන් මේ රට බිඳවැටීමට කටයුතු කළා

    අප්‍රේල් 08, 2014

    1977දී එක්සත් ජාතික පක්ෂය රට භාරගන්නා විට දේශීය වශයෙන් හොඳ ආර්ථික තත්ත්වයක් තිබුණත් ඊට පසු යුද්ධයක් ඇති කර ආර්ථික වශයෙන් මේ රට බිඳවැටීමට කටයුතු කළ බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (08) පාර්ලිමේන්තුවේදී බදු පනත් කෙටුම්පත් 05ක් සම්මත කර ගැනීම වෙනුවෙන් පැවති විවාදයට එක්වෙමින් මේ බව පැවසුවේය.

    එදා එක්සත් ජාතික පක්ෂය බලයේ තිබූ තත්ත්වය රටේ නැහැ. උතුරේත් දකුණේත් යුද්ධයක් නැහැ. සාමකාමී වාතාවරණයක් රට තුළ පවතී. ආර්ථික වශයෙන් මේ රට ගොඩනැගෙමින් තිබේ. දරිද්‍රතාව මුලිනුපුටා දැමීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක බවත් මේ පනත් මඟින් බඩු මිල වැඩි කරනවා යැයි අවබෝධයකින් තොරව මේ අය ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ දරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    උතුර අද දියුණුයි. ආර්ථික, සෞඛ්‍ය, අධ්‍යාපනික වශයෙන් දියුණුයි. මේ රජය රටේ අනාගතය ගොඩනගන්න කටයුතු කරමින් සිටී. පසුගිය පළාත් සභා මැතිවරණයේදී මේ රටේ ලක්ෂ 10කට වැඩි ජනතාවක් ජනාධිපතිතුමා ප්‍රධාන රජයට බලය ලබා දී ඇත්තේ ජනාධිපතිතුමාගේ ගමනට සහය ලබා දෙන්න බවත් එක්සත් ජාතික පක්ෂයට ඒ තත්ත්වය තේරුම් ගන්න නොහැකි වී ඇති බවත් ඔහු පැවසීය.

    මේ අය ජාතිවාදය අවුස්සා රට විනාශ කරන්න උත්සාහ දරයි. ජාත්‍යන්තර බලවේග හා මූල්‍ය බලවේගවලට රට පාවා දෙන්න හොඳ නැහැ. ජිනීවා යෝජනාවලදී මේ ආණ්ඩුව අපහසුතාවට පත්කරන්න ද්‍රවිඩ ජාතික සන්ධානය උත්සාහ දරයි. අපේ ප්‍රශ්න අපිම විසඳා ගත යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya