මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

    අගෝස්තු 20, 2014

    අද (20) ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවති දෙවැනිවර කියැවීමේ විවාදය අවසානයේ දී එය සම්මත කිරීමට ඡන්ද විමසීමක් සිදු කෙරුණු අතර එහි දී වැඩි ඡන්ද 23කින් පනත් කෙටුම්පත සම්මත විය.


    දෙවැනි වර කියැවීමේ විවාදය අවසානයේ තෙවැනි වර කියවා පනත සම්මත කිරීමට යොමු කළ අතර එහිදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන මන්ත්‍රී අජිත් කුමාර මහතා ඡන්දයක් ඉල්ලා සිටියේය.


    ඒ අනුව ඡන්දය විමසනු ලැබූ අතර පනත් කෙටුම්පතට පක්ෂ ව ඡන්ද 24ක් ද විරුද්ධ ව ඡන්ද 1ක් ද ලැබිණි. විරුද්ධ ව ඡන්දය දෙනු ලැබුවේ අජිත් කුමාර මන්ත්‍රීවරයා පමණි. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ද පනතට පක්ෂ ව ඡන්දය දුන් අතර සංශෝධන සහිත ව පනත් කෙටුම්පත සම්මත විය.

     

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya