මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව වෙනත් විදේශ බැංකුවලින් ද ණය ගන්නවා

    අගෝස්තු 20, 2014

    ශ්‍රී ලංකාව ණය ගන්නේ චීන අපනයන ආනයන බැංකුවෙන් පමණක් නො වන අතර වෙනත් බැංකුවලින්ද ණය ගන්නා බවත් යුද කාලයේදී 6%ක පොලියට ණය ගත්ත ද යුද්ධයෙන් පසු සෑම වසරක් සඳහා ම ණය ගත්තේ 2%ක පොලී ප්‍රතිශතයකට සීමා කර බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    චීන සංවර්ධන බැංකුවෙනුත් ශ්‍රී ලංකාව ණය ගන්නවා. බැංකුවලින් ණය ගන්නා විට වෙනත් රටවලින්ද ඊට තරගයක් පවතී. චීන අපනයන ආනයන බැංකුව කුමන්ත්‍රණකාරී ලෙස ශ්‍රී ලංකාවට ණය දෙනවා කියන එක වැරදි මතයක්. චීනය අද ආසියානු රටවලට වැඩියෙන් ම ණය දෙන රට බවට පත් ව ඇතැයි ද ඔහු කීය.

     

    චීනයේ එක්සිම් බැංකුව රටේ දේශපාලන වශයෙන් පාර්ලිමේන්තු ක්‍රමයට වගකියන ආයතනයකි. කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය සඳහාත් අලුත් ණය ක්‍රමයකට ගිය නිසා ණය බා ගැනීමට හැකි වුණු බවත් අපේ රටේ දේශපාලන ස්ථාවරත්වය, හොඳ සංවර්ධනය නිසාත් 2%ක පොලියකට ණය ගන්නවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya