නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිළිකා රෝගයට ගොදුරු වී ඇති සංඛ්‍යාව 12,550ක්

    අගෝස්තු 20, 2014
    පුද්ගලයන් ලක්ෂයකට සාපේක්ෂව 2012 වසරේ පිළිකා රෝගයට ගොදුරු වී ඇති සංඛ්‍යාව 12,550ක් බවත් එම වර්ෂයේ කාන්තාවන් 7953ක් හා පුරුෂයන් 4578 දෙනෙකු පිළිකා රෝගයට ගොදුරු වී ඇති බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

     

    2012 වසරේදී වයස මාස 01ත් 18ත් අතර දරුවන්ගෙන් 677 දෙනෙකු පිළිකා රෝගයට ගොදුරු වී තිබේ. ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදු වන මරණ සංඛ්‍යාවෙන් පිළිකා නිසා මිය යන සංඛ්‍යාව 8.8%ක ප්‍රතිශතයක් බවද ඔහු කීය.

     

    එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ. පිළිකා කලින් හඳුනා ගැනීම, කාන්තාවන්ට වැළදෙන ගැබ්ගෙල පිළිකා පරීක්ෂාව සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සායන පැවැත්වීම, දැයට කිරුළ වැනි වැඩසටහන් මඟින් ජංගම වෛද්‍ය සේවා පහසුකම් සැපයීම වැනි දේ ක්‍රියාත්මක වේ. පිළිකා පූර්ව හඳුනාගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන බවත් හෙදියන්, වෛද්‍යවරුන් විදේශ පුහුණුව සඳහා යොමු කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

     

    සියලුම පිළිකා සම්බන්ධයෙන් උපදේශන සේවා ක්‍රියාත්මකයි. ජංගම සේවා සඳහා ගමට ගිය විට මෙවැනි සායනවල කාන්තා සහභාගිත්වය අඩුයි. පිළිකා රෝගය වැඩිවීමේ ලෝක ප්‍රවණතාවක් පවතී. පුරුෂයන් සඳහා වැළඳෙන මුඛ පිළිකා, පෙනහළු පිළිකා සඳහා දුම්පානය හේතු වේ. මේ තත්ත්වය වැළැක්වීම සඳහා පනතක් ගෙන ආ අතර ඒ සඳහා උසාවි යාමට ද සිදු විය. ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය, අඩු වයස් දරුවන් සඳහා දුම්වැටි අලෙවිය තහනම් කර තිබේ. මුඛ පිළිකා සඳහා පුවක් ප්‍රධාන රෝග කාරකයක් බවට පත්ව ඇත. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය අලුත් දැහැත් වට්ටියක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya