අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපන් නියෝජ්‍ය අමාත්‍ය මනාබු සකායි ජනපති හමුවෙයි

    අගෝස්තු 20, 2014
    ජපානයේ ඉඩම්, යටිතල පහසුකම්, ප්‍රවාහන හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මනාබු සකායි (Manabu Sakai) මහතා ඊයේ (19) අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවිය.
     
    මෙම සාකච්ඡාව අතරතුර දී නියෝජ්‍ය අමාත්‍යවරයා කොළඹ නගරයේ ප්‍රවාහන සැලසුම අදාළ අංශ වෙත භාරදීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිතුමා වෙත දැනුම් දුන්නේය.
     
    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති නොබුහිතෝ හෝබෝ (Nobuhito Hobo) මහතා සහ තවත් නියෝජිතවරු පිරිසක් ද නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙම අවස්ථාවට කැඳවාගෙන එනු ලැබ තිබුණි.
     
    විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE MEET JAPAN DPT MINI 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya