මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිගෙන් රාජ්‍ය බැංකුවලට උපදෙස්

    අගෝස්තු 20, 2014
    නව සංවර්ධන වැඩපිළිවෙළ සමඟ එක්වෙමින් ජනතාවට වඩාත් සුහදශීලී සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීමට කැපවන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් රාජ්‍ය බැංකු ප‍්‍රධානීන්ට උපදෙස් දෙන ලදී.
     
    සංවර්ධන වැඩපිළිවෙළ සමඟ ග‍්‍රාමීය ජනතාවගේ ජීවන මට්ටම ඉහළ යමින් පවතින බවත් බැංකු සමඟ ගනුදෙනු කිරිමේදී අපසුතා රැසකටම මුහුණපාන බව ගමේ සුළු ව්‍යාපාරිකයන් තමා වෙත පැමිණිලි කර ඇති බවත් ජනාධිපතිතුමා මෙම හමුවේ දී පැවසීය.
     
    රාජ්‍ය බැංකු සහ රක්ෂණ ක්ෂේත‍්‍රයේ නියෝජිතයන් සමඟ පසුගිය දා අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡවකදී මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව කියා සිටියේය.
     
    2015 අයවැය සැකසීම සඳහා රාජ්‍ය බැංකු සහ රක්ෂණ ක්ෂේත‍්‍රය නියෝජනය කරන්නන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීම වෙනුවෙන් මෙම හමුව පැවැත්විණ.
     
    ගමේ සුළු ව්‍යාපාරිකයා පිළිබඳ ව අවධානය යොමු කරන ජනාධිපතිතුමා රාජ්‍ය බැංකුවලට කියා සිටියේ රජය ගනු ලබන ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ ප‍්‍රතිලාභ ග‍්‍රාමීය ජනතාවට කඩිනමින් ලබාදීමටත් විධිමත් සන්නිවේදන ජාලයක් බැංකු ශාඛා අතර ගොඩනඟා ගැනීමේ වැදගත්කමක් ඇති බවත් පෙන්වා දුන්නේය. 
     
    බැංකු සමඟ ගනුදෙනු කරන සුළු ව්‍යාපාරිකයන් කඩාවැටුණු අවස්ථාවන් හිදී ඔවුන් නඟාසිටුවීමේ වැඩපිළිවෙළක් සැකසීම ගැන ද රාජපක්ෂ මැතිතුමා බැංකු ප‍්‍රධානීන්ගේ අවධානය යොමු කළේය.
     
    බැංකු ක‍්‍රමය ජනතාවට කරදරයක් නොවිය යුතු බවත්, පහසුවෙන් සම්බන්ධවීමට ජනතාවට අවස්ථා සැලසිය යුතු බවත්, ජනාධිපතිතුමා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya