අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි ගමන කිසිසේත් නතර කරන්නේ නෑ

    අගෝස්තු 20, 2014
    පොදු ජන සුබසෙත උදෙසා වර්තමාන රජය ඉලක්කයක් ඇති ව යන ඉදිරි ගමන කිසිසේත් නතර නොකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.
     
    එක් පන්තියකට සීමා නො වී සමස්ත පොදු ජනතාව පිළිබඳ ව සිතන වත්මන් රජය සැමවිටම කටයුතු කළේ ඉලක්කයක් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ත්‍රස්තවාදය අවසන් කර රටට සාය උදාකිරීම මෙන් ම සංවර්ධන ක්‍රියාදාමය ද ක්‍රියාවට නැංවුයේ නිසි ඉලක්කයක් අනුව බව පැවසීය.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ රන්බිම ඔප්පු 5000ක් ප්‍රදානය කිරීම වෙනුවෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැති උත්සවයට එක්වෙමිනි.
     
    දීර්ඝ කාලයක් තිස්සේ තමන්ගේ ඉඩමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති ව සිටි ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීමට ජනාධිපතිතුමාගේ මෙහෙයවීමෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළේ 13වන පියවර යටතේ මෙම ඔප්පු ප්‍රදානය කිරීම සිදු විය.
     
    "එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජයේ කාලයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ඉඩම් රජයට පවරා ගන්න යෝජනාව ගෙනාවා. ඒ 71 කැරැල්ලෙන් පසු ඇති කළ ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් මේ යෝජනාව ගෙනාවේ ඉඩම් ප්‍රශ්නය පිළිබඳ ව සැලකිලිමත්වීම සඳහා. ඉඩම් රජයට පවරාගෙන අපි සාමුහික ගොවිපළවල් ඇති කළා. ජනතාවගේ රැකියා අවස්ථාවන් ඇතිකරන්න, වගා කටයුතු සිදුකරන්න ඒ ඉඩම් ප්‍ර යෝජනයට ගත්තා. ඉන්පසු ඉඩම් කොමිෂන් සභාව ඉඩම් බෙදාදුන්නා නමුත් ඉඩම් සඳහා ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළක් තිබුණේ නෑ".
     
    "එදා අපි බලයට එනවිට රාජ්‍ය සේවය කප්පාදු කරලා තිබුණේ. රජයේ රැකියා අවස්ථාවන් නැති කරලා තිබුණා. උපාධිධාරීන් ලක්ෂ ගණනක් පෝලිමේ හිටියා. මෙයයි රටේ තිබුණු තත්ත්වය. විරැකියාව වැඩියෙන් තිබුණා. මාස 03කට තමයි අපිට විදේශ සංචිත තිබුණේ. ඒ රුපියල් බිලියන දෙකයි. එවැනි තත්ත්වයක් රටේ තිබුණේ. මේ සියල්ල අපිට ආපසු හදන්න වුණා. වෙනස් කරන්න වුණා. ලෝකයේ අපට වැළැක්විය නොහැකි අර්බුද ආවා. ලෝකයේ දියුණු රටවල ආර්ථික අර්බුද ආවා. බැංකු කඩා වැටුණා. රැකියාවලින් එළියට දැමුවා. එවැනි යුගයක අපි බැංකු ආරක්ෂා කළා. රැකියා ආරක්ෂා කළා. 2001 ලක්ෂ 07ක් ව තිබූ රාජ්‍ය සේවය ලක්ෂ 03 දක්වා අඩුකරන්න කටයුතු කළ විට අපි රාජ්‍ය සේවය ලක්ෂ 06 සිට ලක්ෂ 04 දක්වා වැඩි කළා. රාජ්‍ය සේවය ශක්තිමත් කරලා රාජ්‍ය සේවය කාර්යක්ෂම සේවයක් කළ හැකි බවට අපි 
    විශ්වාසයක් තැබුවා. අපි එය ඔප්පු කළා". 
     
    වර්තමානයේ දී 96%කට ගම්වලට විදුලිය ලබාදී ඇති බවත් විදුලිය ලබාදීමට අපහසු ප්‍රදේශ සඳහා සුර්ය විදුලිය ලබාදී තිබෙන බවත් පෙන්වාදුන් ජනාධිපතිතුමා වර්තමානයේ දී අයවැය යෝජනා සකස් කරන්නේ නිලධාරීන් පමණක් සම්බන්ධ කරගෙන නොවන බවත් ව්‍යවසායකයන්, කාන්තාවන්, වෘත්තීය සමිති නායකයන්, බස් හිමියන්, රියැදුරන් වැනි විවිධ ස්ථරවල සිටින පුද්ගලයන්ගෙන් අදහස් හා යෝජනා ලබාගනිමින් බවත් පෙන්වා දුන්නේය.
     
    "විදුලිය ලබාදීමට ඉදිරියේ දී නොරොච්චෝලේ පටන් ගන්නවා. ලංකාවට එන චීන ජනාධිපතිවරයා එහි තුන්වන අදියර විවෘත කරනවා. එවිට අදවන විට අධික වියදමක් දරා ඉන්ධනවලින් නිෂ්පාදනය කරන විදුලිය වෙනුවට ඊට වඩා අඩු මුදලක් වියදම් කර ගල්අඟුරුවලින් විදුලිය නිපදවිය හැකියි".
     
    "උතුරේ එහා කොණේ සිට මෙහා කොණට මේ මුළු රටේම පාරවල් හැදුවා වගේ බීමට ජලය, නළ ජලය, සියලු ම ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළ තමයි අපි ඊළඟ පියවර වන්නේ. අනුරාධපුර, කුරුණෑගල, මොනරාගල වැනි ප්‍රදේශවල ඇති වී තිබෙන වකුගඩු රෝගයට විසඳුම පිරිසිදු පානීය ජලය ලබාදීම. අනාගතය දෙස බලාගෙන අපි ය ඉටුකරනවා. ඒවාට අපි දොස් කියයි. නමුත් අපි ඒ ගමන යනවා". 
     
    රටක් සංවර්ධනය කරමින් ඉදිරියට න විට ජනතාව වෙනුවෙන් වැඩකරන විට නොයෙකුත් අපහාස උපහාස එල්ලවන බව මෙහිදී පැවසු ජනාධිපතිතුමා ජනතාව වෙනුවෙන් ඒ අපහාස, උපහාස සියල්ල භාරගෙන රට ඉදිරියට ගෙන යාමට තමා සූදානම් බවද අවධාරණය කළේය.
     
    මෙම අවස්ථාවට එස්.බී. දිසානායක, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මව්ලානා, ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය විනායගමුර්ති මුරලිදරන්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා, විධායක අධ්‍යක්ෂ හරිගුප්තා රෝහණධීර මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya