අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙදුම් නඩු පනත යටතේ නියෝග අද පාර්ලිමේන්තුවේ විවාදයට

    අගෝස්තු 19, 2014

    බෙදුම් නඩු නියෝග යටතේ කටයුතු කිරීමේදී ඉඩම් මැනීම් සඳහා අය කරනු ලබන ගාස්තු ප්‍රමාණවත් නොවන බවත් 2005 සම්මත කළ ගාස්තු පහළ මට්ටමක පවතින නිසා එම ගාස්තු සංශෝධනය කිරීම අවශ්‍ය බවත් අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ  බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තුවේදී බෙදුම් නඩු පනත යටතේ නියෝග පිළිබඳ විවාදය ආරම්භ කරමිනි.

     

    ගාස්තු පහළ මට්ටමක පවතින නිසා බොහෝ මිනුම්දෝරුවන්ගේ සහය ලබාගන්න දුෂ්කරයි. මැනීම් සඳහා අය කරන ගාස්තු සරල ක්‍රමවේදයක් යටතේ සකස් කොට ශ්‍රී ලංකා මිනුම්දෝරු ආයතනය හා නීති කෙටුම්පත් ආයතනයෙන් අදහස් විමසීමෙන් නව නියෝග මාලාවක් සකස් කර ඉදිරිපත් කිරීම සඳහා මේ සංශෝධන සිදු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

     

    නඩු කියන්නන් මත අනවශ්‍ය බරක් නොපැටවීමට මෙයින් අපේක්ෂිතයි. මුල් මැනීමට අය කරන ගාස්තු පිළිබඳ විස්තර, අවසාන මැනීමට අදාළ වැඩ පිළිබඳ විස්තර හා ගාස්තු මීට ඇතුළත් වේ.  අධිකරණ පද්ධතිය යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයේදී බෙදුම් නඩුවල ප්‍රමාදය ගැන පාර්ලිමේන්තුවේදී සඳහන් කළ බවත් ඔහු පෙන්වා දුන්නේය.

     

    සිවිල් නඩු විධිවිධාන සංශෝධිත අලුතින් ඉදිරිපත් කිරීමටත් අපේක්ෂිත බව පැවසූ අමාත්‍යවරයා සිවිල් නඩුවල සංකීර්ණ බවක් පැවතිය ද බෙදුම් නඩුවල එවැනි තත්ත්වයක් නැතැයි කීය. අග්‍ර විනිශ්චයකාර උපදෙස් පරිදි විද්‍යුත් ගොනුගත කිරීම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇත. මේ ක්‍රමය ලබන මස වන විට ක්‍රියාත්මක කළ හැකියි. පෙත්සම්කරුවන්ට තම පෙත්සම් විද්‍යුත් ගොනු කිරීමට අවස්ථාව ඉක්මනින් ම ලබා දෙන්න පියවර ගැනේ. නියමු ව්‍යාපෘතියක් ලෙස මාතර මහාධිකරණයේ විද්‍යුත් නඩු ගොනු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන බව ඔහු කීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya