අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන ආයතනයක අය-වැය පරාජය වූ විට එහි ප්‍රධානියා ඉවත් කරන රෙගුලාසි ඉවත් කිරීමට සංශෝධන පාර්ලිමේන්තුවට

    අගෝස්තු 19, 2014

    යම් පළාත් පාලන ආයතනයක අය-වැය ලේඛනයක් පරාජයට පත් වූ විට එම ආයතනයේ ප්‍රධානියා ඉවත් කරන රෙගුලාසි ඉවත් කිරීම සඳහා සංශෝධන ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.


    පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමා වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පහත දැක්වෙන පනත් කෙටුම්පත් ඉදිරිපත් කළේය.


    1. මහනගර සභා (සංශෝධන),— (252 වැනි අධිකාරය වූ) මහ නගර සභා ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.


    2. නගර සභා (සංශෝධන),— (255 වැනි අධිකාරය වූ) නගර සභා ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.


    3. ප්‍රාදේශීය සභා (සංශෝධන),— 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.


    4. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන),— (262 වැනි අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
     

    5. පළාත් පාලන ආයතනවල පුරප්පාඩු පිරවීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන),— 2013 අංක 30 දරන පළාත් පාලන ආයතනවල පුරප්පාඩු පිරවීමේ (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.


    මෙම සංශෝධනවලට අනුව මෙයට පෙර ක්‍රියාත්මක වූ රෙගුලාසි යළි බල ගැන්වේ. එම පනත් කෙටුම්පත් දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා මේ පිළිබඳව පූර්ණ සාකච්ඡාවක් අවශ්‍ය බවට කළ යෝජනාව පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කරන ලෙස ගුණවර්ධන මහතා දැනුම් දුන්නේය.

     

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya