අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ කොමිසම් සභාවට විශේෂඥ උපදෙස් අවශ්‍යයි

    අගෝස්තු 19, 2014

    පුද්ගලයන් අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ 16,000ක් පමණ සාක්ෂි දී ඇති බවත් කොමිසමට නීතිය පිළිබඳ දැනුමක් ඇති පුද්ගලයන්ගේ විශේෂඥ උපදෙස් අවශ්‍ය බවත් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තුවේදී පුද්ගලයන් අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට විදේශ විශේෂඥයින් පත් කිරීම පිළිබඳව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්ථාවර නියෝග 23(2) යටතේ නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


    ඒ ඒ ක්ෂේත්‍රවල දැනුම ඇති අයගේ උපදෙස් මේ කොමිසම් සභාවට අවශ්‍යයි. කොමිසමක් පත් කළ විට  සාක්ෂි නැවත කැඳවීම හෝ සාක්ෂි විමසීම කරන්නේ ඒවායෙහි ක්‍රියාකාරිත්වය ගැන තීරණ ගන්නේ රජය නො ව කොමිසම් සභාවයි. ඔවුන්ගේ අභිමතය පරිදි කටයුතු කරන අතර කොමිසම පත් කිරීම පමණක් රජය සිදු කර තිබේ. කොමිසමේ වාර්තා ලැබුණු විට ඒ අනුව කටයුතු කිරීම රජය විසින් සිදු කරන බව ද එහි කටයුතු සිදු කරන ආකාරය ගැන රජය කොමිසමෙන් ප්‍රශ්න ඇසීම සුදුසු නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.


    කොමිසමට අවශ්‍ය නම් නීතිපතිගෙන් උපදෙස් ගත හැකියි. ඒ ගැන රජය දැනුවත් කිරීම අවශ්‍යයි. එවිට නීතිපති උපදෙස් කොමිසමට ලබා දෙනවා. රජය ඒ ගැන උපරිමයෙන් කටයුතු කරන්න කැමතියි. තවමත් කොමිසම් සභාවේ කාර්යය නිමකර නැහැ. එය දිගින් දිගටම ක්‍රියාත්මකයි. ඔවුන්ට බලපාන ජාත්‍යන්තර නීතියේ මූලධර්ම පිළිබඳ උපදෙස් ලබා ගැනීම සඳහා මේ විශේෂඥයින් පත් කිරීමට රජය පියවරගත් අතර එය අඛණ්ඩව තම කාර්යභාරය සිදු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya