ජනාධිපතිතුමා යටතේ පවතින අමාත්‍යාංශවලට අදාළ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව, මහාමාර්ග, වරාය හා නාවික කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව සහ නීතිය හා සාමය පිළිබඳ උපදේශක කාරක සභාව යන උපදේශක කාරක සභාවලට සහභාගී වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙසේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය.
එම උපදේශක කාරක සභා රැස්වීම්වලට එක් වෙමින් ජනාධිපතිතුමා පැය හයකට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ රැඳී සිටියේය.
HC/NDH