අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදන්වුවන් පිළිබඳ කොමිසමට තවත් ජාත්‍යන්තර නියෝජිතයන් දෙදෙනෙක්

    අගෝස්තු 19, 2014
    අතුරුදන්වුවන් පිළිබඳ සොයා බැලීම වෙනුවෙන් පත් කළ කොමිසමට උපදෙස් දීම සඳහා පත් කළ උපදේශක කමිටුවට නව සාමාජිකයන් දෙනෙකු පත් කරයි. මෙලෙස පත් කර ඇත්තේ ඉන්දිය ජාතික අවිදාස් කවුසාල් මහතා සහ පාකිස්ථාන ජාතික අහමර් බිලාල් සොෆි යන මහත්වරුන්ය.
     
    මෙම පත් කිරීමත් සමග උපදේශක කමිටුවේ සාමාජිකයින් ගණන පහක් දක්වා වැඩිවෙයි. අද (19) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී මාධ්‍යවේදින් වෙත අදහස් දැක්වු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම නව පත්කිරීම් කොමිසමේ සභාපතිවරයාගේ ඉල්ලීම මත සිදු කළ බව ප‍්‍රකාශ කළේය.
     
    දැනටමත් කොමිසම වෙත පැමිණිලි 20000ක් පමණ ලැබී ඇති බව පෙන්වාදුන් ජනාධිපතිතුමා ඒවා විමර්ශනය කරමින් පවතින බව සඳහන් කළේය.
     
    කොමිසමේ විමර්ශන කාල සීමාව එළඹෙන වසරේ පෙබරවාරි මස 15 වන දින දක්වා දීර්ඝ කළ බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    අතුරුදන්වුවන් පිළිබඳ කොමිසමට උපදෙස් ලබාදීම සඳහා ජනාධිපතිතුමා විසින් පසුගිය මාසයේ දී ජාත්‍යන්තර කීර්තියට පත් විද්වතුන් තිදෙනකුගෙන් යුත් උපදේශක කමිටුවක් පත් කළ අතර මෙලෙස නව සාමාජිකයන් දෙනෙකු පත්කිරීමත් සමග කොමිසමේ සාමාජික පිරිස පහක් බවට පත්විය. මෙය කොමිසමේ කටයුතු තවදුරටත් විනිවිද භාවයකින් යුතුව කිරීමට හා එහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව ශක්තිමත් කිරීමට සිදු කළ බව පෙන්වාදුන් ජනාධිපතිතුමා මේ සඳහා කලාපීය වශයෙන් ද අවශ්‍ය උපදෙස් ලබාගැනීමට හැකියාව ඇති කිරීම මෙම පත් කිරීමේ අරමුණ බව පෙන්වා දුන්නේය.
     
    මෙම උපදේශක කමිටුවේ සාමාජිකයන්ගේ ස්වාධීනතාව පිළිබඳ මතුවී ඇති ඇතැම් චෝදනා සම්බන්ධයෙන් අදහස් පළ කළ ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් පත් කළ විමර්ශන කමිටුවේ සාමාජිකයින් පිළිබඳව ද එලෙසම චෝදනා නැඟී ඇති බවයි.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya