අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ඉන්දීය නිදහස් දින ප්‍රසංගය ජනපති ප්‍රධානත්වයෙන්

    අගෝස්තු 19, 2014

    68 වන ඉන්දීය නිදහස් දින සැමරුම වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රධාන විධායක නිලධාරී සංසදය හා මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සමග එක්ව සංවිධානය කළ නිදහස් දින ප්‍රසංගය සුප්‍රසිද්ධ ඉන්දීය ගායක ශාන් හෙවත් ශාන්තානු මුකර්ජි ගේ සහභාගීත්වයෙන් කොළඹ රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පසුගිය ඉරිදා (17) පැවැත්විණ.



    ප්‍රසංගය සඳහා ප්‍රධාන අමුත්තන් ලෙස සහභාගී වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් හා එම මැතිණිය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්  වයි.කේ. සින්හා මහතා හා ඉන්දියාවේ ප්‍රධාන විධායක නිලධාරී සංසදය සභාපති ගිරිජා සින්හා මහත්මිය හා සන්ජය තිවාරි මහතා විසින් පිළිගන්නා ලදී.

     

    විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජී.එල්. පීරිස් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද මේ ප්‍රසංගය නැරඹීමට එක්ව සිටිය හ. දෙදහසකට වැඩි ප්‍රේක්ෂක පිරිසක් ප්‍රසංගය නැරඹීමට පැමිණ සිටියහ.

     

    ෂාන් හෙවත් ශාන්තනූ  මුකර්ජි සුපිරි ඉන්දීය නළුවන් වන ශාරුක් ඛාන්, සල්මන් ඛාන්, අමීර් ඛාන් හා සයිෆ් අලි ඛාන්ට පසුබිම් ගීත ගායනා කර තිබේ. පසුගිය කාලයේ ඔහු විසින් ගායනා කළ එවන් ගීත රැසක් හා ඉංග්‍රීසි ගීතද මෙම ප්‍රසංගයේ පැය තුනකට අධික කාලයක් පුරා ෂාන් ගායනා කළ අතර ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ප්‍රතිචාර ඔහුට හිමි විය.

    ඉන්දියාවේ මෙන්ම ලොව පුරා රටවල් රැසක ප්‍රසංග පවත්වා ඇති ෂාන් ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

     

    තමන්ට කොළඹ මෙවන් ප්‍රසංගයක් සඳහා  ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ආරාධනා කිරීම පිළිබඳවත් විශේෂයෙන්ම ප්‍රසංගය නැරඹීමට ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් පැමිණීම පිළිබඳ ව තමන් ඉතා සතුටට පත් වූ බවත් ශාන්තනූ  මුකර්ජි පවසා සිටියේය.

     

    SDF

    Indian-Independence-Day-Concert-2Indian-Independence-Day-Concert-3Indian-Independence-Day-Concert-4Indian-Independence-Day-Concert-5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya