අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට ආ‍වේණික සුවඳ ශාකය සංරක්ෂණය කිරීමට පියවර

    අගෝස්තු 19, 2014
    ශ්‍රී ලංකාවට ආ‍වේණික සුවඳ ශාකය සංරක්ෂණය කිරීම සඳහා පියවර ගෙන ඇති බවත් ජාතික පාරිසරික පනත මඟින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (19) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝසි සේනානායක මහත්මිය විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    සුවඳ ශාකය මෙරට එක ස්ථානයකට පමණක් සීමා වූ ශාකයක් ලෙස එනම් ස්ථානීය ශාකයක් ලෙස හඳුනාගෙන ඇත. එය කළුතර දිස්ත්‍රික්කයෙන් සොයා ගෙන ඇත. කළුතර වතුරාන වගුරු වනාන්තරයේ සීමිත වපසරියක පමණක් පැතිරී පවතින නිසාත් පෞද්ගලික ඉඩමක හෙක්ටයාර් 6.25ක පැතිර පවතින නිසාත් එම ඉඩම් ප්‍රමාණයත් සමඟ හෙක්ටයාර් 08ක් රජයට පවරා ගන්න කටයුතු කරමින් පවතී. ඒ සඳහා මැනුම් කටයුතු සිදු කෙරේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියා පටිපාටියක් ඇත. පනත යටතේ නීත්‍යනුකූලව කටයුතු කරමින් මේ ශාකය ආරක්ෂා කරන්න කටයුතු කරන බවත් එය විනාශ කරන අය සම්බන්ධයෙන් නීතියෙන් කටයුතු කරන්න පොලිසිය දැනුවත් කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya