අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියලේ අගය ස්ථාවරව තබා ගැනීම රජයේ අපේක්ෂාවයි

    අගෝස්තු 19, 2014

    රුපියලේ අගය ස්ථාවරව පැවතීම රජයේ අපේක්ෂාව බවත් ඒ තුළින් අපනයනකරුවන්ට ඉදිරියට සැලසුම් සකස් කළ හැකි බවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (19) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    රුපියල වෙනස් වූ විට ගිවිසුම් ගහන්න අපනයනකරුවන් කැමති නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගත් මුදල් සංචිතයක් ලෙස පවතින්නේ. අපේ රටේ තෙල්, ඇඟලුම් කර්මාන්තවල අද අර්බුදයක් නැහැ. මේ නිසා විදේශ විනිමය තත්ත්වය කළමනාකරණය කරන්න ප්‍රශ්නයක් නැහැ. ආසියානු සංවර්ධන බැංකුවෙන් ගන්න මුදල් ප්‍රමාණය වැඩි වෙලා. කුඩා ණය මුදල්වලට ප්‍රමුඛත්වය හිමි වී ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

    මහවැලිය කරන විටත් ලෝක බැංකුවෙන් ණය ගත්තා. කැනඩාවෙන් වෙනත් රටවලින් ද්විපාර්ශ්වික ගිවිසුම් මඟින් ණය ගත්තා. හැම රටකම දැන් එක්ස්ෆෝට් බැංකුවක් ඇති බවත් චීනයෙන් වුණත් දැන් කියන්නේ තම රටේ ඇති එක්ස්ෆෝට් ඉන්ෆෝට් බැංකුවලින් ණය ගන්නා ලෙස බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya