මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැවිලි සමාගම් දෙකක ලාභාංශ භාණ්ඩාගාරයට

    අගෝස්තු 19, 2014
    හලාවත වැවිලි සමාගමේ සහ කුරුණෑගල වැවිලි සමාගමෙහි 2013 වර්ෂය සඳහා භාණ්ඩාගාරය වෙත ලාභාංශ භාරදීම ඊයේ  (18) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි.
     
    2013 වර්ෂය සඳහා කුරුණෑගල වැවිලි සමාගම විසින් රුපියල් මිලියන 40ක් ද, හලාවත වැවිලි සමාගම විසින් රුපියල් මිලියන 20ක් ද මහා භාණ්ඩාගාරය වෙත ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.
     
    රජයට පවරාගැනීමෙන් පසු මෙම වැවිලි සමාගම් දෙක ලද ප්‍රගතිය සහ ඒවායෙහි ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ ව මෙහිදී සාකච්ඡා විය.
     
    අමාත්‍ය පුෂ්ප කුමාර, කුරුණෑගල වැවිලි සමාගමේ සභාපති ආචාර්ය සුනිල් ජයසේකර, හලාවත වැවිලි සමාගමේ සභාපති පණ්ඩුක ජයසිංහ, වැවිලි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
     
    DB
     
    HE plantation 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya