අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුළුල් කරන ලද උඩුපුස්සැල්ලාව - නිල්දණ්ඩාහීන්න - වතුමුල්ල මාර්ගය ජනතා අයිතියට

    අගෝස්තු 15, 2014
    පුළුල් කර සංවර්ධනය කරන ලද උඩුපුස්සැල්ලාව - නිල්දණ්ඩාහීන්න - වතුමුල්ල මාර්ගය අද (15) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.
     
    රුපියල් කෝටි 112ක මුදලක් වැය කරමින් සංවර්ධනය කෙරුණු මෙම මාර්ගය කිලෝ මීටර් 25ක දිගින් යුක්තය.
     
    ඉහළ ජනතා හරසර මැද සමරු ඵලකය නිරාවරණය කර මාර්ගය ජනතා අයිතියට පැවරූ ජනාධිපතිතුමා රැස් ව සිටි ජනතාව අතරට යමින් ඔවුන් සමඟ ද සුහද කතා බහක නිරත විය.
     
    මෙම අවස්ථාවට වැඩම කර සිටි උඩුපුස්සැල්ලාව ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිපති පූජ්‍ය මඩුල්ලේ විමලඥාන හිමියන් ජනාධිපතිතුමා වෙත පිරිවානා පොත් වහන්සේ නමක් ද තිළිණ කළහ.
     
    අමාත්‍ය සී.බි. රත්නායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එස්.බී. රත්නායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සේදර සෙනරත්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහත්වරු ද ජනාධිපතිතුමා සමඟ මෙම සංචාරයට එක් ව සිටියහ.
     
    DB
     
    HE udupussellawa road deve 1
     
     
    HE udupussellawa road deve 2
     
    HE udupussellawa road deve 3
     
    HE udupussellawa road deve 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya