අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාතේ සද්ධානන්ද විද්‍යාලීය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට

    අගෝස්තු 15, 2014
    රට පුරා පාසල් දහසක මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර දහසක් ඉදිකිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙළ යටතේ මධ්‍යම පළාතේ ශ්‍රී සද්ධානන්ද විද්‍යාලයේ රුපියල් මිලියන 18ක් වැය කරමින් ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අද (15) පෙරවරුවේ විවෘත කරන ලදී.
     
    පරිගණක 40කින් යුත් පරිගණකාගාරයකින්, පරිගණක 20කින් යුත් භාෂාගාරයකින්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකයකින්, ගණිතාගාරයකින් හා විද්‍යාගාරයකින් මෙම මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සමන්විතය. විද්‍යාගාරය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීය.
     
    මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදීමට ගිය ජනාධිපතිතුමාව විද්‍යාලයේ විදුහල්පතිවරයා, ආචාර්ය මණ්ඩලය හා සිසු දරු දැරියෝ විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබූහ. එහි දී ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
     
    අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, සී.බී. රත්නායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE kandy mahindodaya 1
     
     
    HE kandy mahindodaya 2
     
    HE kandy mahindodaya 3
     
    HE kandy mahindodaya 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya