අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීෂෙල්ස් සෞඛ්‍ය ඇමති ජනපති හමුවෙයි

    අගෝස්තු 15, 2014

    සීෂෙල්ස් සෞඛ්‍ය ඇමතිනී මිට්සි ලෝරේ මහත්මිය (Mrs. Mitcy Larue) ඊයේ  (14) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු විය.


    සීෂෙල්ස් සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සියේ (Seychelles Health Care Agency) ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සුරේෂ් මෙනන් (Dr. Suresh Menon) සහ සීෂෙල්ස්හි ඉහළ පෙළේ සෞඛ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ පැමිණි අමාත්‍ය ලෝරේ තම රටෙහි සෞඛ්‍ය අංශයෙහි ක්ෂේත්‍ර ගණනාවක් දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහය ජනාධිපති රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලා සිටියාය.
     

    දූපත් රාජ්‍යන් දෙක අතර මෑතදී සිදුවූ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් වීම පිළිබඳ තම සන්තෘප්තිය ප්‍රකාශ කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා, ශ්‍රී ලංකාවේ සහය ලබා දෙන බවට සහතික විය.
     

    "අපි දකින වෙනස සහ ප්‍රගතිය (ශ්‍රී ලංකාවේ) ඉතා විශිෂ්ටයි," ලෝරේ මහත්මිය පැවසුවාය. "දූපත් වාසීන් ලෙස සත්‍ය වශයෙන්ම අප එකමුතුව කටයුතු කිරීම අවශ්‍ය වේ."
     

    මෙම දූත පිරිස ශ්‍රී ලංකාවේ, රජයේ සහ පුද්ගලික රෝහල්වල සංචාරයක නිරත වූ අතර රට තුළ පවතින සේවාවන් පිළිබඳව අගය කළහ.
     

    "ඔබ රටෙහි සෞඛ්‍ය දර්ශකයන් දියුණු රටවල් හා සමව හොඳ තත්ත්වයේ පවතිනවා." යැයි සඳහන් කළ වෛද්‍ය මෙනන්, ජනාධිපතිතුමාගෙන් විශේෂිත ක්ෂේත්‍ර දෙකක් සඳහා සහය ඉල්ලා සිටියේය: (1) ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය සඳහා සහය; (2) වෛද්‍යවරුන් සහ විශේෂඥ හෙදියන් පුහුණුව සඳහා සහය.
     

    ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවක්  සීෂෙල්ස්  රාජ්‍යයේ සේවය කරන අතර එහි ජනතාවට විශිෂ්ට සේවාවක් ඔවුන් සපයන බව මෙම දූත පිරිස පෙන්වා දුන්හ. තම රටෙහි ජීව වෛද්‍ය ඒකකය සම්පුර්ණයෙන්ම ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයකින් සමන්විත බව ද වෛද්‍ය මෙනන් පවසා සිටියේය.
     

    විදේශ කටයුතු අමාත්‍ය  මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ක්ෂෙනුකා සෙනෙවිරත්න සහ සෞඛ්‍ය  අමාත්‍යාංශයේ ලේකම් සුධර්මා කරුණාරත්න යන මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ. (HC)

    021

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya