අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නින්දා අපහාස හමුවේ රජයේ වැඩපිළිවෙළ නතර කිරීමට සූදානම් නැහැ

    අගෝස්තු 16, 2014
    කුමන අපහාස, උපහාස නින්දා එල්ල වුවත් ගමේ ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවමින් දරුවන්ගේ අනාගතය ගොඩනැඟීමට ගෙන යන වැඩපිළිවෙළ නතර කිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
     
    රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදී ඔවුන්ට පැහැබර අනාගතයක් උදා කරදීම රජයේ ඉලක්කය බව පැවසූ ජනාධිපතිතුමා එම ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය සියලු පසුබිම මේ වන විට සකසා අවසන් බවද කියා සිටියේ ය. 
     
    වලපනේ රූපහ සද්ධානන්ද මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ඊයේ (15) සිසු අයිතියට පවරා දෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය. 
     
    සීගිරිය, යෝධ ඇළ වැනි දැවැන්ත නිර්මාණ කරන්නට අප මුතුන් මිත්තන්ට තිබු බුද්ධිය අප සතුව ද ඇති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා අප කළ යුත්තේ අපේ දරුවන්ගේ සැඟවී තිබෙන එම බුද්ධිය එළියට ගැනීම බවද කියා සිටියේ ය.
     
    සදාචාරවත් සමාජයක් ගොඩනැඟීමට නොහැකි වුවහොත් අප අද කරන කියන කිසිවක් ඵලක් නොමැති බවත් රට පුරා කෙරෙන දැවැන්ත සංවර්ධනයත් සමඟින් සාදාචාරවත් සමාජයක් ගොඩනැඟීමට කැපවීම අප සැමගේ වගකීම බවත් ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    රට පුරා පාසල් දහසක මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර දහසක් ඉදිකිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කි‍්‍රයාත්මක කර තිබෙන වැඩපිළිවෙළ යටතේ ශී‍්‍ර සද්ධානන්ද විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරයට වැය කර ඇති මුදල රුපියල් මිලියන 18කි. 
     
    මෙම අවස්ථාවට සහභාගීවීමට ප‍්‍රථමයෙන් ඊයේ උදෑසන නුවරඑළිය, රූපහ සුමංගල මහා විහාරස්ථානය වෙතද ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත ව ආශිර්වාද ලබා ගත්තේ ය. 
     
    විහාරාධිපති පූජ්‍ය රූපහ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් එහිදි ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya