අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක පදවියට පත් පූජ්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමියන්ට ජනපති උපහාර

    අගෝස්තු 14, 2014

    උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක පදවියට පත් පූජ්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමිපාණන් වහන්සේට උපහාර පිදීමේ උත්සවයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඊයේ (13) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි.



    ඇමරිකා එක්සත් ජනපදය තුළ බුදු දහමේ පණිවුඩය ප්‍රචලිත කිරීමේ සද්කාරයට කැපවීමෙන් යුතුව සුවිශේෂී මෙහෙවරක නියැළෙමින් වැඩ වෙසෙන පූජ්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමිපාණන් වහන්සේ ඉටු කරන ශාසනික මෙහෙවර අගය කරමින් අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහා නා හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහනුවර අස්ගිරි මහා විහාරයීය කාරක සංඝ සභාව විසින් උන්වහන්සේ වෙත “ධර්මදූත ශාස්ත්‍ර නෛපුණ්‍ය“ යන ගෞරව නාමය සහිත උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ධූරය පිරි නමා ඇත.

     

    මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ උන්වහන්සේ පෙන්වා දුන්නේ අදහාගත නොහැකි සංවර්ධනයක් රටට ලබා දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජාතියේ ප්‍රණාමය හිමිවන බවයි.
     
     

    තමන් වහන්සේ දිවයිනට වැඩම කළේ වසර 17කින් පසුව බවත් එදා සහ අද රටේ වෙනස විශ්මයජනක බවත් පෙන්වා දුන් උන්වහන්සේ කිසිදු රාජ්‍ය නායකයෙකු ලබා නොදුන් සංවර්ධනයක් මහින්ද රාජපක්ෂ මැතිතුමා රටට ලබා දී තිබෙන බවත් පෙන්වා දුන්නේය.



    පූජ්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමිපාණන් වහන්සේට උපහාර තිළිණ පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.
     
     

    පූජ්‍ය එල්ලාවල මේධානන්ද නායක හිමිපාණන් වහන්සේ, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිපාණන් වහන්සේ, උදම්විට ශ්‍රී සුමනාරාම පුරාණ විහාරාධිපති හාපිටිගම කෝරළයේ අධිකරණ සංඝනායක පූජ්‍ය කාරියගම ශ්‍රී ගුණානන්ද නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, සාලින්ද දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරු ද කැනඩාවේ තානාපති ෂෙලි විටින් මහත්මිය ඇතුළු දෙස් විදෙස් ආරාධිත පිරිසක්ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.

     

    SDF

    president and monks

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya