මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ​​ඉන්දීය මහ කොමසාරිස්වරයා ජනාධිපති රාජපක්ෂ මැතිතුමා හමුවෙයි

    අගෝස්තු 14, 2014

    ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සින්හා මහතා (Mr.Y.K. Sinha) අද (14) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු විය.


    හෙට දින සමරන ඉන්දියාවේ නිදහස් දිනය වෙනුවෙන්, ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසු වූ ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට ජනාධිපතිතුමා ගත් පියවර සින්හා මහතා අගය කළේය.


    ඉන්දීය ධීවරයින්ගේ ජීවිත සහ පරිසරය කෙරෙහි බ‍ලපෑම් ඇති කරන මෙම තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා මේ සඳහා ස්ථිර විසඳුමක ඇති අවශ්‍යතාව ද ප්‍රකාශ කර සිටියේය.


    ශ්‍රී ලංකාවේ ඉන්දියානු නිදහස් දින සැමරුමට සමගාමීව මේ සතියේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඉන්දියානු ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුව පිළිබඳව ද ඉන්දියානු මහ කොමසාරිස්වරයා ජනාධිපතිතුමාට සැල කර සිටියේය. ඉන්දියානු සම්භවයේ ඇති, සමාගම් ප්‍රධාන විධායක නිලධාරීන් විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ සිටින බව ජනාධිපතිතුමා පෙන්වා දුන් විට, "ඔවුන් ඉතා සතුටින් මෙහි සිටිනවායැ" යි සින්හා මහතා පැවසුවේය.


    "රජයේ ප්‍රතිපත්ති ආයෝජකයන්ට ඉතා හිතකරයි," යනුවෙන් මහ කොමසාරිස්වරයා පැවසූ අතර, "විශාල සහයෝගිතාවක් සිදු වෙමින් පවතිනවා" යනුවෙන්ද තවදුරටත් පැවසීය.


    ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ එළි දක්වන ලද "ඉන්දු - ශ්‍රී ලංකා සදාකාලික මිතුදම" නම් වූ ග්‍රන්ථය මහ කොමසාරිස්වරයා විසින් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා වෙත එහිදී  පිළිගන්වන ලදී. දෙරට එක්ව ශ්‍රී ලංකාවේ සිදු කරන ලද විවිධ සංවර්ධන කටයුතු සඳහා මුල පිරීම් ගණනාවක් සංක්‍ෂිප්තව මෙම ග්‍රන්ථයේ දක්වා ඇත.


    විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ද මේ රැස්වීමට එක් වී සිටියේ ය.

     

    Indian High Commissioner Calls on President Rajapaksa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya