අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පලස්තීනයට ඇමරිකානු ඩොලර් මිලියනයක මුල්‍ය උපකාරයක් ලබා දෙන බව ජනපති නිවේදනය කරයි

    අගෝස්තු 14, 2014

    ශ්‍රී ලංකාවෙන් පලස්තීනයට ඇමරිකානු ඩොලර් මිලියනයක මුදල් ආධාර ලබා දෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද නිවේදනය කළේය.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පලස්තීනයේ දීර්ඝ කාලීන මිතුරෙකු වන අතර ශ්‍රී ලංකා- පලස්තීන සහයෝගිතා කමිටුවේ ආරම්භක සභාපතිවරයා ද වේ.
     

    මේ වසරේ ඊද් උත්සව සතියේ දී, ගාසා හි සිදු වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් පිළිබඳව ජනාධිපතිතුමා තම කනගාටුව ප්‍රකාශ කර සිටියේය.
     

    "ගාසා හි ප්‍රචණ්ඩකාරී තත්ත්වය නැවතී කලාපයේ සාමය පවතිනු ඇතැයි මගේ බලාපොරොත්තුවයි" ජනාධිපතිතුමා සිය ට්විටර් ගිණුමෙහි පණිවිඩයක් තබමින් ප්‍රකාශ කළේය.
     

    මෙම ජූලි මාසයේ දී පලස්තීන ජනාධිපති මහ්මුද් අබ්බාස් දූරකතනයෙන් ඇමතු ජනාධිපතිතුමා, ගාසා හි තත්ත්වය විමසා සිටි අතර එහිදී නැති වූ ජීවිත පිළිබඳව තම ශෝකය ද පළකර සිටියේය.
     

    මේ වසරේ ජනවාරි මාසයේ දී, ජෝර්දානය, ඊශ්‍රායලය සහ එම කලාපය තුළ සිදු කළ චාරිකාවේදී, ජනාධිපතිතුමා පළමුවරට පලස්තීනයේ ද චාරිකා කළේය.  පලස්තීනය වෙත දක්වන ලද අඛණ්ඩ සහයෝගය සහ කැපවීම වෙනුවෙන් පලස්තීන රාජ්‍යයේ ඉහළම ගෞරව සම්මානය වන "පලස්තීන තාරකාව " සම්මානය මෙම චාරිකාවේ දී පලස්තීන රජය විසින් ජනාධිපතිතුමා වෙත පිරිනමන ලදී.

     
    පලස්තීනය රාජ්‍යයක් ලෙස 1988 වසරේ සිට ශ්‍රී ලංකාව පිළිගනී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya