අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටී.බී. ඒකනායක අභිවන්දනා උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

    අගෝස්තු 14, 2014
    සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාට කලාකරුවන්ගේ උපහාරය පිළිගැන්වීමේ ටී.බී. ඒකනායක අභිවන්දනා උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
     
    සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාට ස්‍යාමෝපාලි වංශික සියම් මහා නිකායේ මල්වතු මහා විහාරයීය උත්තරීතර මහානායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව විසින් "කීර්ති ශ්‍රී ජනරංජන" ගෞරව සම්මාන උපාධි නාමය පිරිනැමීම වෙනුවෙන් ශ්‍රී ලාංකේය කාලකරුවන්ගේ උපහාරය පිළිගැන්වීම සඳහා ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ ජාතික සංවිධානය විසින් මෙම උත්සවය සංවිධානය කරනු ලැබ තිබුණි.
     
    අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා විසින් රචනා කරන ලද "මල්වතු මහා විහාරවංශ මහා නා හිමිවරු" ග්‍රන්ථයේ ශාස්ත්‍රී හා ආගමික මෙන්ම ජාතික වටිනාකම අගයනු වස් මල්වතු විහාරය මඟින් ඒ මහතා වෙත මෙම ගෞරව උපාධි නාමය පුද කර ඇත.
     
    "මල්වතු මහා විහාරවංශ මහා නා හිමිවරු " ග්‍රන්ථය" සහ  කීර්ති ශ්‍රී ජනරංජන ටී.බී. ඒකනායක" සමරු කලාපය ද මෙහිදී අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගනවන ලදී.
     
    කලාකරුවන් විසින් පිරිනමන ලද උපහාර තිළිණය ජනාධිපතිතුමා අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා වෙත පිළිගැන්වීය.
     
    සියලු ක්ෂේත්‍ර නියෝජනය කරමින් කලාකරුවන් අති විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya