අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්විට්සර්ලන්තය හා මාලදිවයිනේ තානාපති ජනපති හමුවේ

    අගෝස්තු 13, 2014
    ස්විට්සර්ලන්තය හා මාලදිවයින් රාජ්‍යය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පත් කර ඇති තානාපති තෝමස් ලිට්ස්චර් (Thomas Litscher) මහතා අද (13) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවී සාකච්ඡා කළේය.
     
    ඉදිරියේ දී  ශ්‍රී ලංකාව හා ස්විට්සර්ලන්තය ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එහිදී පැවසීය. ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනයේ මෑතකාලීන වර්ධනය පිළිබඳ ව උනන්දුවක් දක්වන බව ලිට්ස්චර් මැතිතුමා ප්‍රකාශ කළේය. 
     
    ශ්‍රී ලංකාව හා ස්විට්සර්ලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1956 වසරේ දී ආරම්භ වී තිබේ.
     
    විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    02 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya