මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ මෙගා කෝප් සිටි ජනපති අතින් විවෘත කෙරේ

    අගෝස්තු 13, 2014
    ජනතාවට සහන මිලට ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා රට පුරා මෙගා කෝප් සිටි දහසක් ඉදිකිරීමේ වැඩපිළිවෙළ යටතේ මාතලේ නගරයේ ඉදිකළ මෙගා කෝප් සිටි වෙළෙඳ සංකීර්ණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ඊයේ (12) විවෘත කෙරිණි.
     
    සමරු ඵලකය නිරාවරණය කර වෙළෙඳ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් භාණ්ඩ පරික්ෂා කර බැලීය.
     
    වෙළෙඳ සංකීර්ණය වෙත පැමිණ සිටි ජනතාව සමඟ ද ජනාධිපතිතුමා සුහද කතාබහක නිරත විය.
     
    අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහත්වරුන් ද මාතලේ විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති ඒ.ඒ.ඩී.සී.එම්. රණතුංග මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    DB
     
    MATALE MEGA COP CITY 1
     
     
    MATALE MEGA COP CITY 2
     
    MATALE MEGA COP CITY 3
     
    MATALE MEGA COP CITY 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya