අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට සංවර්ධනය කර සාරධර්ම පිරි සමාජයක් ගොඩනැඟුවේ වත්මන් ජනාධිපතිතුමා

    අගෝස්තු 12, 2014
    රට සංවර්ධනය කර සාරධර්ම පිරි සමාජයක් ගොඩනැඟීම සඳහා මෑත කාලයේ පහළ වූ එකම නායකයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ පවසති. 
     
    එය එසේ නොවන බව පැවසීමට කිසිවෙකුට නොහැකි බව ද උන්වහන්සේ අවධාරණය කළහ. 
     
    පසුගියදා තමා විසින් සිදුකරන ලද ප‍්‍රකාශ විවිධාකරයෙන් මාධ්‍ය වාර්තා කළ අයුරු ද උන්වහන්සේ සිහිපත් කළහ.
     
    මහනුවර දිස්ති‍්‍රක්කයේ පැරණිතම විහාරස්ථානය වන මහනුවර, උඩවත්ත කැලේ ඓතිහාසික ශී‍්‍ර රාම විහාරයේ ප‍්‍රතිසංස්කරණය කරන ලද සංඝවාස ගොඩනැගිල්ල සඝ සතු කොට පූජා කිරීමේ පු‍ණ්‍යෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඉරිදා (10) පස්වරුවේ පැවති අතර එහිදි විශේෂ අනුශාසනාවක් සිදු කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට සංවර්ධනය කිරීමට විශාල උනන්දුවක් දක්වන බවත්, එතුමාට ඒ සියල්ල තනිව කළ නොහැකි බවත් පෙන්වා දුන් උන්වහන්සේ ඊට සිය උපරිම දායකත්වය ලබාදීම අමාත්‍ය මණ්ඩලයේ මෙන්ම නිලධාරින්ගේ වගකීම බවද පෙන්වා දුන්හ. 
     
    රජයේ නිලධාරිහු තමා ලබා ගන්නා වැටුපට නිසි සේවයක් රටට ඉටු නොකරන්නේ නම් ජනාධිපතිතුමාත්, රටත් ඉන් අපකීර්තියට පත්වන බව පෙන්වා දුන් උන්වහන්සේ සිය සේවය නිසි ලෙස ඉටු කිරීම සියලු ම නිලධාරින්ගේ වගකීම බව ද අවධාරණය කළහ. 
     
    රටේ ලොකු නියඟයක් මතුව ඇති මේ මොහොතේ ඉන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බවද පෙන්වා දුන් උන්වහන්සේ එහි වගකීම රජයට පමණක් පවරා කිසිවෙකුට නිහඬව සිටිය නොහැකි බව ද අවධාරණය කළහ. 
     
    වසර 702ක් පැරණි මෙම සංඝාවාස ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ 50ක මුදලක් වැය කරමින් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ප‍්‍රතිසංස්කරණය කර ඇත. විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය. 
     
    අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර සංඝාවාසය විවෘත කළ අතර එය සඝසතු කොට පූජා කිරීමේ සන්නස් පත‍්‍රය අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීය.
     
    ඓතිහාසික ශී‍්‍ර රාම විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය අම්පිටියේ ධම්මදස්සි හිමිපාණන් වහන්සේ ද මෙහිදී අනුශාසනාවක් සිදු කළහ.
     
    සංස්කෘතික කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලොහාන් රත්වත්තේ, මහනුවර නගරාධිපති මහේන්ද්‍ර රත්වත්තේ, ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිනි සේදර සෙනරත් යන මහත්වරු ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya