අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලාපීය සහයෝගිතාව පිළිබඳ දකුණු ආසියානු සමුළුවේ මහ ලේකම් ජනපති හමුවේ

    අගෝස්තු 12, 2014
    කලාපීය සහයෝගිතාව පිළිබඳ දකුණු ආසියානු සමුළුවේ මහ ලේකම් අර්ජුන් බී. තාපා (Arjun B. Thapa)මහතා ඊයේ (11) උදෑසන මහනුවර පිහිටි ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවිය.
     
    මෙම වසරේ නොවැම්බර් මාසයේ දී ඉන්දියාවේ කත්මන්ඩු නුවර දී පැවැත්වීමට නියමිත 18වැනි කලාපීය සහයෝගිතාව පිළිබඳ දකුණු ආසියානු සමුළුව සඳහා තම සහභාගීත්වය මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තහවුරු කළේය. 
     
    රාජකාරී භාරගැනීමෙන් පසු ව සිය පළමු නිල සංචාරයෙහි යෙදෙමින් ශ්‍රී ලංකාවට පැමිණ සිටින මහ ලේකම්වරයා නොවැම්බරයේ පැවැත්වීමට නියමිත සමුළුව පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් කලාපීය සහයෝගීතාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කළේය.
     
    සාර්ක් සාමාජිකයන්ගේ අවධානය පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මූලික පියවර දෙකක් යෝජනා කළේය. කලාපීය තරුණයන් මුහුණදෙන ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීම සඳහා කලාපයේ තරුණයන් ඒකරාශි කිරීම සඳහා තරුණ සමුළුවක් සංවිධානය කිරීමේ වැදගත්කම පිළිබඳ ව ද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය. සාර්ක් කලාපයේ පවත්නා ආගමික හා සංස්කෘතික ස්ථාන සම්බන්ධ කරන්නාවූ ගමන් පථයක් සංවර්ධනය කිරීම සඳහා වැඩසටහන් ද ජනාධිපතිවරයා යෝජනා කළේය.
     
    සාකච්ඡාව අතරතුර දී කාලපය තුළ සාර්ක් සංවිධානය ශක්තිමත් කිරීම පිළිබඳ ව සාමාජිකයන්ගේ වර්ධනය වන උනන්දුව පවත්නා අතර ම දකුණු ආසියාවේ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ආර්ථික සශ්‍රීකත්වය ඇති කරගැනීම සඳහා දායකවීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා හා මහලේකම්වරයාගේ අවධානය යොමු විය.
     
    මෙම අවස්ථාවට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් චිත්‍රාංගනී මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    DB
     
    SAARC SECT 1
     
     
    SAARC SECT 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya