අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර උඩවත්ත ශ්‍රී රාම විහාරයේ සංඝාවාස ගොඩනැගිල්ල සඝසතු කොට පූජා කෙරේ

    අගෝස්තු 10, 2014
    මහනුවර දිස්ත්‍රික්කයේ පැරණිතම විහාරස්ථානය වන මහනුවර, උඩවත්ත කැලේ ඓතිහාසික ශ්‍රී රාම විහාරයේ ප්‍රතිසංස්කරණය කරන ලද සංඝාවාස ගොඩනැගිල්ල සඝසතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද (10) පස්වරුවේ පැවැත්විණි.
     
    අද පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත් හි නිරත ව ආශිර්වාද ලබා ගත්තේය.
     
    අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර සංඝාවාසය විවෘත කළ අතර එය සඝසතු කොට පූජා කිරීමේ සන්නස් පත්‍රය අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වූහ.
     
    ඓතිහාසික ශ්‍රී රාම විහාරයේ පූජ්‍ය අම්පිටියේ ධම්මදිස්සි හිමිපාණන් වහන්සේ ද මෙහිදී අනුශාසනාවක් සිදු කළහ.
     
    සංස්කෘතික කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ, මහනුවර නගරාධිපති මහේන්ද්‍ර රත්වත්තේ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සේදර සෙනරත් මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE udawattha temple 1
     
     
    HE udawattha temple 2
     
    HE udawattha temple 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya