මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සිරි දළදා හරසරණිය" ශ්‍රාස්ත්‍රීය ග්‍රන්ථය ජනපතිට පිළිගන්වයි

    අගෝස්තු 10, 2014
    ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගාව පිළිබඳ ලියවුණු "සිරි දළඳා හරසරණිය" ශාස්ත්‍රීය ග්‍රන්ථයේ පළමු පිටපත අද (10) මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීය.
     
    මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් අනුශාසකත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සහයෝගයෙන් මෙම ග්‍රන්ථය සම්පාදනය කෙරුණු අතර මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කර ඇත.
     
    මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද ස්වාමීන් වහන්සේ සහ මහාචාර්ය ජී.බී. මීගස්කුඹුර, මහාචාර්ය එච්.එම්.ඩි.ආර්. හේරත් මහත්වරු මෙහි ප්‍රධාන සංස්කාරකවරුන් වෙති.
     
    දළදා මාලිගාව හා සබැඳි විහාරස්ථාන හා ඒවායේ කාර්ය භාරය, බුදු සමයේ පෙරහර සංකල්පය හා ශ්‍රී දළදා පෙරහර, ඓතිහාසික රාජකීය සම්බන්ධතා සහ ශ්‍රී දළදා මාලිගාව හා බැඳි රාජකාරි, දළදා මාලිගාවේ ගෘහ නිර්මාණ, චිත්‍ර, මූර්ති සහ කැටයම් ආදී ලිපි රැසක් මීට ඇතුළත්ය.
     
    මහාචාර්ය හගුරන්කෙත ධීරානන්ද ස්වාමීන් වහන්සේ විසින් කෘතිය ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබූහ.
     
    DB
     
    HE siri dalada saraniya 2
     
     
    HE siri dalada saraniya 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya