මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "බුදුන් වැඩි මඟ" කෘතිය ජනපතිට

    අගෝස්තු 10, 2014
    පූජ්‍ය ගඟසිරිපුර ධම්මලෝක ස්වාමීන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද "බුදුන් වැඩි මඟ" කෘතිය අද (10) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වන ලදී.
     
    ශ්‍රී ලංකාවට එරෙහි විදෙස් බලවේග පරාජය කිරීමට ආශිර්වාද පළ කරමින් සහ රට ගොඩනැගීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළට ආශිර්වාද පතමින් උන්වහන්සේ පසුගිය දා පා ගමනක නිරත වු අතර ඒ ආශ්‍රයෙන් මෙම කෘතිය සම්පාදනය කොට ඇත.
     
    හෙළ විජය තරුණ සංවිධානයේ දායකත්වයෙන් පසුගියදා මහනුවර ඓතිහාසික දළඳා මාලිගාව අභියසින් උන්වහන්සේ පා ගමන ඇරඹු අතර දින 30ක් පුරා පාද චාරිකාවේ නිරත වෙමින් ගැටඹේ ඓතිහාසික බෝධීන් වහන්සේ, මාවුන්කැලේ මහා සමන් දේවාලය, ශ්‍රී පාදස්ථානය, හඟවාලෙන, රත්නපුර මහ සමන් දේවාලය, තිස්සමහාරාමය, කිරිවෙහෙර, කතරගම, සෙල්ල කතරගම, බුත්තල යුධඟනා විහාරස්ථානය, බදුල්ල මුතියංගන විහාරස්ථානය, දිඹුලාගල, සෝමාවති, රන්කොත්වෙහෙර, පොලොන්නරුව ගල් විහාරය, මිහින්තලා සේල චෛත්‍ය, ජේතවනාරාමය, සමාධි පිළිමය, අභයගිරිය, ලංකාරාමය, ඉසුරුමුණිය. මිරිසවැටිය, ජය ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය, දඹුල්ල විහාරය, මාතලේ අළු විහාරය අභියස දී ආශිර්වාද පළ කිරීමෙන් අනතුරුව දළඳා මාලිගාව අභියසින් ම පාද චාරිකාව නිමා කළහ.
     
    DB
     
    HEbudun wedi maga 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya