අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෞද්ධ අධ්‍යාපන ආයතනයේ උපාධි ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    අගෝස්තු 09, 2014
    ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ උපාධි ප්‍රදානෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09) පස්වරුවේ පල්ලේකැලේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
     
    මියන්මාර් රාජ්‍යයෙන් පිරිනමන ලද මහා සද්ධම්ම ජෝතික ධජ ගෞරවනාමයෙන් පිදුම් ලද ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නිංයගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන් වහන්සේ වෙත උපහාර තිළිණ පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    තායිලන්තයේ මහා චූලාලංකාරෝ විශ්වවිද්‍යාලයට සම්බන්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ 2වන උපාධි ප්‍රදානෝත්සවය මෙයයි.
     
    දෙස් විදෙස් ගිහි පැවිදි උපාධිධාරීන් 352දෙනෙකුට මෙහිදී උපාධි පිරිනැමුණු අතර සංකේතවත්ව ජනාධිපතිතුමා අතින් උපාධි ප්‍රදානය සිදු කෙරිණි.
     
    උගන්ඩා ජාතික භික්ෂූන් වහන්සේ නමක් වන බුද්ධ රක්ඛිත ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන ලද කෘතියක් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
     
    ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනය විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වන ලදී.
     
    අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ, ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමිපාණන් වහන්සේ. මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ, මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණි සේදර සෙනරත්, ඓතිහාසික දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල, ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ උප කුලපති උපාලි සේදර සෙනරත් මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE buddhist uni graguation 1
     
     
    HE buddhist uni graguation 2
     
    HE buddhist uni graguation 3
     
    HE buddhist uni graguation 4
     
    HE buddhist uni graguation 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya