අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ වැටුප් වෙනුවෙන් 2013දී බිලියන 73.17ක්

    අගෝස්තු 08, 2014

    ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ වැටුප් වෙනුවෙන් 2013 වසර සඳහා අයවැයෙන් රුපියල් බිලියන 73.298ක් වෙන් කර තිබූ බවත් ඒ අනුව රුපියල් බිලියන 73.17ක් වැටුප් සඳහා වැය කළ බවත් ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

    කොළඹ නගර අලංකරණය වෙනුවෙන් කටයුතු කළ, ශ්‍රමය සැපයූ හමුදා සාමාජිකයන් වෙනුවෙන් වැටුපට අමතරව වෙනත් දීමනාවක් ලෙස ලබා දී ඇත්තේ ආහාරපාන සඳහා දීමනාවක් පමණක් බවත් ඔහු කීය.

    අය-වැය ලේඛනය පරිදි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සඳහා වැඩි වියදමක් දරන්නේ විශාල සේවයක් ඔවුන් විසින් රට වෙනුවෙන් සිදු කරන නිසයි. යුද්ධය හමාර වුණේ යුද්ධය ජය ගත්තේ මේ වියදම් කළ නිසයි. යුද, ගුවන් හා නාවුක සේවා ශක්තිමත් කරන්නේ රටේ ආරක්ෂාව වෙනුවෙන් යැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya