අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2013 දැයට කිරුළ වැඩසටහනට සමගාමීව සංවර්ධන ව්‍යාපෘති 3819ක් ක්‍රියාත්මකයි

    අගෝස්තු 08, 2014
    2013 දැයට කිරුළ වැඩසටහනට සමගාමීව අම්පාර, මඩකළපුව, ත්‍රිකුණාමලය හා පොලොන්නරුව දිස්ත්‍රික්කවල සංවර්ධන ව්‍යාපෘති 3819ක් ක්‍රියාත්මක කර ඇති බවත් ඒ අතුරින් 3026ක වැඩ සම්පූර්ණයෙන් අවසන් කර ඇති අතර 793ක වැඩ මේ වන විටත් ක්‍රියාත්මකව පවතින බව විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (08) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රිනී අනෝමා ගමගේ මහත්මිය විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මේ බව කීය.

    මහා මාර්ග, මාර්ග, වාරිමාර්ග, පාසල්, නාගරික සංවර්ධන, නිවාස, ජල සම්පාදන, ආගමික, සෞඛ්‍ය, දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු යනාදී වශයෙන් මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වේ. දැයට කිරුළ ඒකාබද්ධ සංවර්ධන ක්‍රියාවලියක්. පොලොන්නරුවේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 10ක් ලබාදී ඇත. මේ සියලු ව්‍යාපෘති මේ වසරේ මෙන් ම ඉදිරි වර්ෂයේදී සිදු කර අවසන් කිරීමට අපේක්ෂිත බව ද අමාත්‍යවරයා පැවසීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya