මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතුර හා කෑම ගැන රටට අසත්‍ය ප්‍රකාශ කරන්න එපා

    අගෝස්තු 08, 2014

    2000-2005 ග්‍රේටර් කැන්ඩි, මහනුවර උතුර හා හාරිස්පත්තුව ජල සම්පාදන ක්‍රමය අදියර 01 ආරම්භයේදී පොම්පාගාරයේ මීතේන් හා රසදිය ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකළ බවත් ප්‍රමිතියට අනුකූලව ජල නිකුතුව සිදු කරන බවත් ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා  මේ බව පැවසීය.

    මහනුවර පිරිසිදු පානීය ජලයට මීතේන් හෝ රසදිය එකතු වී නැහැ. ඒවා පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවක් ද නැහැ. හොඳම පානීය ජලය බෙදා හරින බවත් වතුර හා කෑම ගැන රටට අසත්‍ය ප්‍රකාශ නොකරන ලෙස නවක මන්ත්‍රීවරයාගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya