අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිරිදිය ධීවරයන්ගේ අවශ්‍යතා සපුරාලමින් ධීවර අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා

    අගෝස්තු 08, 2014
    මිරිදිය ධීවර කර්මාන්තයේ නියුතු ධීවරයන්ගේ අවශ්‍යතා සපුරාලමින් ධීවර අමාත්‍යාංශය මඟින් ධීවර යාත්‍රා, දැල් ආම්පන්න ලබා දී ඇති බවත් මිරිදිය ජලාශවල තැන්පත් කිරීම සඳහා ඇඟිල්ලන් මිලියන 233.6ක් හා ඉස්සන් මිලියන 70.5ක් යොදා ගත් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

    මෙරට මිරිදිය කර්මාන්තයේ යෙදෙන ධීවර තොටුපොළවල් සංඛ්‍යාව 1467කි. ඒවා ආශ්‍රිතව පවුල් 32635ක් ධීවර කර්මාන්තයේ යෙදෙති. ධීවර කර්මාන්තය මා යටතට ගන්නා විට මිරිදිය මත්ස්‍ය අස්වැන්න මෙට්රික් ටොන් 43,000ක් වූ අතර මේ වන විට එය 50%කින් එනම් මෙට්රික් ටොන් 63,000කින් වැඩි කර ගැනීමට හැකි වී ඇතැයි ඔහු කීය.

    නියඟය නිසා මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය අඩු වී ඇත. කුඩා ජලාශවල අස්වැන්නේ අඩුවක් පෙනෙන අතර මහා ජලාශවල වතුර අඩු නිසා වැඩි මත්ස්‍ය අස්වැන්නක් නෙළා ගැනීමට හැකි වී තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya