අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ඉදිකිරීම් - 2014" වෙළෙඳ ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ

    අගෝස්තු 08, 2014
    14 වන වරටත් ඉදිකිරීම් සංගමය විසින් අභිමානවත් අයුරින් සංවිධානය කරන ලද "ඉදිකිරීම් - 2014" වෙළෙඳ ප්‍රදර්ශනය අද (08) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත කෙරිණි.
     
    කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී අද ආරම්භ වු ප්‍රදර්ශනය අගොස්තු 10 දක්වා පැවැත්වේ.
     
    ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ කුටි 300කින් පමණ සමන්විත මෙම ප්‍රදර්ශනය සඳහා චීනය, කොරියාව, මලයාසියාව, ජපානය යන රටවලින් ද සහභාගි වී සිටිති.
     
    වර්තමානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන නව ප්‍රවණතා නව ඉදිකිරීම් ක්‍රම, තාක්ෂණික උපක්‍රම, අඩු වියදම් ඉදිකිරීම්, පරිසර හිතකාමි ඉදිකිරීම් ආදිය පිළිබඳ මෙම ප්‍රදර්ශනයේ දී ජනතාව දැනුවත් කෙරේ.
     
    මෙම අවස්ථාවට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් පිළිගන්නා ලදී. අනතුරු ව පීත්ත පටිය කපා ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
     
    ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයේ මුල්‍ය දායකත්වයෙන් පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඉදිකිරීමට යෝජිත ශ්‍රවණාගාරයේ ආකෘතිය ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.
     
    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු වුවන්ගේ තොරතුරු ද විමසු ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කතා බහක ද නිරත විය.
     
    ජ්‍යේෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහත්වරුන් ද, ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයේ සභාපති සුනිල් ලියනාරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE ONSTRUCTION 1 2
     
     
     
    HE ONSTRUCTION 1 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya