අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර නීති ක‍්‍රියාවට නැගීමේදී දෙබිඩි පිළිවෙත් එපා ජනපති කියයි

    අගෝස්තු 08, 2014
    පාරිසරික යුක්තිය සියලු ම ජාතීන්ට ඉමහත් වැදගත්කමකින් යුක්ත වන අතර ඒ පිළිබඳ නෛතික කටයුතුවලදී විනිශ්චය මණ්ඩල හෝ ජාත්‍යන්තර ආයතන දෙබිඩි පිළිවෙත් අනුගමනය නොකළ යුතු යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය. 
     
    ශ‍්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් පවත්වන දකුණු ආසියානු අග‍්‍ර විනිශ්චයකාරවරුන්ගේ පාරිසරික යුක්තිය පිළිබඳ තුන්වෙනි වටමේස සමුළුව ඇමතූ ජනාධිපතිතුමා එක්සත් ජාතීන් තුළත් පිටතත් යම් ආයතන විසින් යුක්තියේ මූලික ප‍්‍රතිපත්තිය සහ නීතියේ ආධිපත්‍ය සිතාමතා මෙන්ම දැඩි ලෙස උල්ලංඝනය කිරීම දැඩි කනස්සල්ලටත් සංවේගයටත් හේතුවක් යැයි පැවසීය. 
     
    මේ තත්ත්වය පරිසරය සහ තිරසාර සංවර්ධනය, විශේෂයෙන් පාරිසරික විපර්යාසයන් සහ ස්වභාවික සම්පත්වල තිරසාර භාවිතය පිළිබඳ කටයුතුවලට ද තදින් බලපාන අවස්ථාවන් දක්නට ලැබෙන බව එතුමා පැවසීය.
     
    සාර්ක් රටවල පාරිසරික නීතියේ ආධිපත්‍යය සහ අධිකරණ දැනුම පිළිබඳ කුසලතා නංවාලීමේ දැඩි අවශ්‍යතාවක් තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ වැදගත් කාර්යභාරය සඳහා සාක් අග‍්‍ර විනිශ්චයකාරවරුන් එකඟ වන්නේනම් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු සංවිධාන සමග ශ‍්‍රී ලංකාවේ අග‍්‍ර විනිශ්චයකාර කාර්යාලය මගින් සාර්ක් කලාපයේ පාරිසරික යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ව අධිකරණ ක්ෂේත‍්‍රයේ හැකියාවන් නංවාලීමට මූලාරම්භයක් වශයෙන් කාර්යක්ෂම ඒකකයක් පිහිටුවීමට දායක වීම සඳහා ශ‍්‍රී ලංකාව කැමති යැයි තවදුරටත් පැවසීය.
     
    පාරිසරික යුක්තිය සහ ඊට සම්බන්ධ පාරිසරික නීතියේ ආධිපත්‍යය සියලු ම ජාතීන්ට ඉතාමත් වැදගත් විෂයක. මෙහි සංයුතියට නීතියේ සමානාත්මතාව, සැමට සම ලෙස නීති ප‍්‍රවේශය ලැබීම, වගවීම, පාරදෘෂ්‍යභාවය, සාධාරණත්වය සහ යුක්තිය සම්බන්ධ ඉතාමත් සංකීර්ණවූත් එකිනෙකට සම්බන්ධවූත් මූලික අදහස් හා ප‍්‍රතිපත්තීන් රාශියක් ඇතුළත් යැයි ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය. 
     
    DB
    1
     
     
    3
     
    7
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya