ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම මත නියඟයෙන් පීඩාවට පත් වු වැලිකන්ද ප්‍රදේශයේ ජනතාවට පානීය ජල ලීටර් 5000ක් බෙදාදීමට ජනාධිපති ආරක්ෂක සේනාව කටයුතු කොට ඇත. එම ජල බෝතල් අද (08) කොළඹ සිට වැලිකන්ද යුද හමුදා කඳවුර වෙත පිටත් කර යැවීය. ජනාධිපති ආරක්ෂක සේනාවේ බ්‍රිගේඩියර් එච්.ඩී.ජී. රණසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ. DB