අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල යෙදුණ 12,000ක් පුනරුත්ථාපනය කර සමාජගත කර තිබෙනවා

    අගෝස්තු 07, 2014

    එදා මේ රජයට ‍එරෙහිව ආයුධ අතට ගත්ත ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල යෙදුණ තරුණ තරුණියන් 12,000ක් පමණ පුනරුත්ථාපනය කර සමාජගත කරන්න හැකි වුණ බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ කාලාවරෝධ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත විවාදයට එක්වෙමිනි.


    යුද්ධයෙන් බැට කාපු පිරිසගේ ජන ජීවිතය නගාසිටුවීමටත් ආගමික සිද්ධස්ථාන යළි ගොඩනංවාලීමටත් රජයක් ලෙස අප කටයුතු කළා. පසුගිය තිස් අවුරුදු යුද්ධයෙන් අවතැන් වූ එහෙම නැතිනම් අවාසි සහගත තත්ත්වය පත් වූ පුද්ගලයන්ට සහනදායි වැඩපිළිවෙළක් හදන්න කාලාවරෝධ පනත ගෙන ඒම ගැන අධිකරණ අමාත්‍යවරයාට ස්තූති කළ යුතු යැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    1983 වසරේ කළු ජූලිය පදනම් කරගෙන තමයි ජාතීන් අතර විශ්වාසය බිඳුණේ. එදා බොහෝ පිරිසක් තම තමන්ගේ ගෙවල් දොරවල් අත හැර විදේශගත වුණා. මේ අයට අද මේ පනත හරහා යළි තමන්ගේ මුල් ගම්බිම් සොයා ගැනීමට අවස්ථාව උදාවෙනවා. උතුරු නැ‍ගෙනහිර පමණක් නොවෙයි යම් පීඩාවකට පත්වූ ජනතාව යළි නගාසිටුවන්න රජය මේ වන විටත් කටයුතු කර තිබෙනවා. රජයක් ලෙස යුද්ධයෙන් පීඩාවට පත් වූ ජන කොටස්වලට සහන සැලසුවා පමණක් නො ව ඔවුන්ගේ මුල් ගම් බිම්වල අයිතිය යළි තහවුරු කර ගන්න අවශ්‍ය පනත් පවා ගෙනැවිත් තිබෙනවා. 

    උතුරු පළාතේ කිසිවෙකු පදිංචි නො වූ හා හිමිකම් නො වූ දේපොළ තිබෙන බව පුනරුත්ථාපන අධිකාරිය අප සමඟ පවසා සිටියා. සමහරු මේ දේවල් අල්ලගන්න පුළුවන්. නමුත් මේ විශේෂ විධිවිධාන පනත හරහා එය වළක්වන්න පියවර ගන්නවා. අද මෙතන කතා කළ ඇතැම් අය තම තමන්ගේ පෞද්ගලික අරමුණු මුදුන්පමුණවා ගන්න කටයුතු කළ ආකාරය අප දැක්කා. නමුත් අපි රජයක් ලෙස අපෙන් විය යුතු සියලු දේ  සමස්ත ජනතාවට ඉටු කර තිබෙනවා යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya