මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එල්.ටී.ටී.ඊ.යට උදව් කිරීමට රට හැර ගිය අයට කාලාවරෝධ පනතින් වාසි ගැනීමට ඉඩ නොදිය යුතුයි

    අගෝස්තු 07, 2014

    ත්‍රස්තවාදයට බයේ දුප්පත් ජනතාව පළාත් හැර නොගියත් එල්.ටී.ටී.ඊ.යට උදව් කිරීම සඳහා රටින් පිට වූ කණ්ඩායම්වලට කාලාවරෝධ විශේෂ විධිවිධාන පනතින් වාසියක් ලබාගැනීමට ඉඩ ලබා නොදිය යුතු බව දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය පැවසුවාය.


    මන්ත්‍රීතුමිය අද (07) පාර්ලිමේන්තුවේදී කාලාවරෝධ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත විවාදයට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළාය.

    මේ කාලාවරෝධ පනතේ අර්ථය පිළිබඳ තව පැහැදිලි කිරීමක් අවශ්‍යයි. මේ පනතේ මුවාවෙන් වංචනික ලෙස දේපොළ වෙනත් අයට ලබා ගත හැකියි. ඒ නිසා මේ පිළිබඳ තවත් සැලකිල්ලට ගත යුතුයි. රජයේ ඉඩම් සම්බන්ධයෙනුත් අවධානය යොමු කළ යුතුයි. මෙහි අවාසිදායක පුද්ගලයා යන්න පනතින් අර්ථ නිරූපණයක් කර නොමැති නිසා විවිධ අර්ථ නිරූපණ වෙන වෙන අධිකරණවලින් ලැබුණොත් ප්‍රශ්නගත වීමට ඉඩ තිබෙන බව පෙනෙනවා යැයි ද මංත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya