අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඹේවෙල පඤ්ඤාසාර නාහිමියන්ට ජනපති උපහාර

    අගෝස්තු 07, 2014

    පිළියන්දල, සුවාරපොළ, බුද්ධාලෝක මහා විහාරාධිපති, ශ්‍යමෝපාලී මහා නිකායේ ඌව පාර්ශවයේ මහා නායක පූජ්‍ය අඹේවෙල පඤ්ඤාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට මියන්මාර් රාජ්‍ය මඟින් "අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ" යන ගෞරව නාමය පිරිනැමීම වෙනුවෙන් උන්වහන්සේට උපහාර පිදීමේ උත්සවයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද (07) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

    බදුල්ල, අඹේවෙල ප්‍රදේශයේ උපත ලැබූ පඤ්ඤාසාර හිමිපාණන් වහන්සේ ඌව පළාතේ පළමු උපාධිධාරී හිමියන් වන අතර සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඉටුකරන මෙහෙවර වෙනුවෙන් බුරුම රාජ්‍ය විසින් මේ ගෞරව නාමය පිරිනමනු ලැබ තිබේ.

    උන් වහන්සේට උපහාර පුද කරමින් ජනාධිපතිතුමා තිළිණ පිළිගැන්වීය.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමිපාණන් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනයක් කළහ.

    පූජ්‍ය අඹේවෙල පඤ්ඤාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පුණ්‍යානුමෝදනාව සිදු කළහ.

    අමරපුර ශ්‍රී ධම්මරක්ෂිත මහා නිකායේ මහා නායක පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ, කොළඹ මරදාන විද්‍යෝදය පරිවේනාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය බලන්ගොඩ සෝභිත නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, අමාත්‍ය ගාමිණී ලොකුගේ යන මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/pmu_pix by Chandana Perera

    02

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya