අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉතිහාසයේ පළමුවරට රාජ්‍ය නායක නිවසට වස් ආරාධනාවක්

    අගෝස්තු 07, 2014
    මෙම උතුම් වස් සමය තුළ තම නිවසට පැමිණ වස් සමාදන් වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, දඹුලු එඩේරඟල ආරණ්‍ය සේනාසනාවාසී පූජ්‍ය කිරිවැල්දොළ ඥානකිත්ති ස්වාමීන් වහන්සේට ආරාධනා කළේය.


    තම නිවසට පැමිණ වස් සමාදම් වන ලෙස රාජ්‍ය නායකයෙකු මහා සංඝයා වහන්සේ නමකට කළ පළමු ආරාධනාව මහත් සතුටින් භාරගත් උන් වහන්සේ වස් සමය ඇරඹි පසුගිය ඇසළ පොහෝ දින ජනාධිපතිතුමා, විපක්ෂ නායක ලෙස සිටියදී පදිංචිව සිටි ටොරිංටන් නිවසට වැඩම කර වස් පිළිවෙත් ආරම්භ කළහ.

     

    උන් වහන්සේගේ සුවදුක් විමසන්නට අද (07) පෙරවරුවේ එම නිවසට ගිය ජනාධිපතිතුමා උන් වහන්සේ සමඟ කෙටි ධර්ම සාකච්ඡාවක ද නිරත විය.

     

    ධර්ම ග්‍රන්ථ කිහිපයක් ද ජනාධිපතිතුමා විසින් උන් වහන්සේ වෙත පූජා කරන ලදී.

     

    NDH/pmu_pix by Sudath Silva

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya