අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේදී කාලාවරෝධ (විශේෂ විධිවාධාන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිනි.
මේ රටේ ත්‍රස්තවාදය පැවති සමයේ උතුරේ වෙනම අධිකරණයක්, බැංකු පද්ධතියක් පැවතිණි. උතුරේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් මෙවැනි උත්තරීතර සභාවකට මෙවැනි පනතක් ගේන්න හැකි වී ඇත්තේ ත්‍රස්තවාදය නැති කිරීමට රණ විරුවන් ජීවිතය කැපකළ නිසයි. එදා හදිසි නීතිය දින ගණනින් ගණන දීර්ඝ කළා. ටී.එන්.ඒ. අය එදත් ත්‍රස්තවාදයට විරුද්ධව කටයුතු කළේ නැති බව ඔහු පැවසීය.
ත්‍රස්තවාදීන්ගෙන් අහිංසක ද්‍රවිඩ ජනතාව ගලවා ගන්නයි සටන් කළේ. සම්බන්ධන් මහතා කතා කරන හැම වචනයකින්ම කියන්නේ ද්‍රවිඩ ජනතාව ගැන පමණයි. මේ රටේ හැමෝම ශ්‍රී ලාංකික පුරවැසියෝයි. මේ රටේ මුස්ලිම් ජනතාවත් ඉන්නවා. සුළු ජනතාවත් ඉන්නවා. ඒ අය ගැන කතා කරන්නේ නැත්තේ ඇයි දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.
ත්‍රස්තවාදය අවුලන්න එපා. සාමයට ගරු කරන්න. ජාතිවාදය අවුස්සන්න එපා. එකම පුරවැසියන් ලෙස ජීවත් වෙමු යන්නත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
NDH/HC