අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් පීඩාවට පත් ව ඇති ජනතාවට සහන සැලසීමට පියවර රැසක් ගෙන තිබෙනවා

    අගෝස්තු 07, 2014
    දිස්ත්‍රික්ක 14කට මේ වන විට බලපා ඇති නියඟයෙන් පීඩාවට පත් ව ඇති ජනතාව වෙනුවෙන් ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා ජල සම්පාදන මණ්ඩලය ඇතුළු රජය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 23(2) යටතේ පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානයක මහතා කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    දිස්ත්‍රික් මට්ටමින් බවුසර යොදා ගනිමින් ජලය නොමිලේ ලබා දෙන්න පියවර ගෙන ඇත. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මේ තත්ත්වය කල් ඇතිව හඳුනාගෙන ප්‍රාදේශීය සභාවලට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන්නේය. බවුසර් යොදා ජලය බෙදීමේදී ඒ සඳහා යන වියදම හෝ ජලය සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය නම් දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලා සිටි පමණින් මූල්‍ය ප්‍රතිපාදන 
    සපයා තිබේ. මේ තත්ත්වය අපට මගහැරිය හැකි දෙයක් නොවන නිසා ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද විශේෂ කැබිනට් පත්‍රිකාවක් අනුව මුදල් වෙන් කළ බව ද ඔහු පැවසීය.

     

    වැඩ සඳහා මුදල් වෙන් කිරීමේ වැඩපිළිවෙළ යටතේ රුපියල් 6,000ක් වටිනා බඩු මල්ලක් ලබාදීමට ද රජය පියවර ගෙන ඇත. එම ප්‍රදේශවලට ප්‍රධාන ජලාශවල රොන්මඩ ඉවත් කිරීම සඳහා රුපියල් මිලියන 1335ක මුදලක් වෙන් කර ඇති බවද ඔහු කීවේය. මෙම ජනතාවට පානීය ජලය ලබාදීම සඳහා අලුතින් ජල බවුසර් 200ක් මේ වන විට ඇනවුම් කර ඇති බවත් ජල බූලි ලක්ෂ දෙකක් මිලදී ගැනීමට කටයුතු කර ඇති බවත් අමරවීර මහතා අනාවරණය කළේය.


    ඉදිරියේදී ඇතිවිය හැකි මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමට සඳහා ස්ථිර විසඳුම් ලෙස ජල යෝජනාක්‍රම රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. කළු ගඟ, ගිං ගඟ යෝජනා ක්‍රම සඳහා මේ වන විට ශක්‍යතා අධ්‍යයන සිදු කරමින් පවතින බවත් මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් කීය. 


    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya