අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදෙස් විශේෂඥයින්ගෙන් සමන්විත මණ්ඩලයක් පත්කර ඇත්තේ කොමිසමට උපදෙස් හා සහය දීමටයි

    අගෝස්තු 07, 2014
    ජාත්‍යන්තර මැදිහත්වීම සම්බන්ධයෙන් පුද්ගලයන් අතුරුදන්වීම පිළිබඳ විමර්ශන කිරීම පිණිස වූ ජනාධිපති කොමිසමට උපදෙස් හා සහය ලබාදීම සඳහා විදෙස් විශේෂඥයින්ගෙන් සමන්විත මණ්ඩලයක් පත්කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් 23(2) යටතේ නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මේ බව පැවසීය.

    මෙම මණ්ඩලය රාජනීතිඥ ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා, ශ්‍රීමත් ජෙෆ්රි නයිස් හා මහාචාර්ය ඩී.ක්‍රේන් යන මහත්වරුන්ගෙන් සමන්විත වන අතර ජාතියේ අවශ්‍යතාව මත ආරක්ෂිත වැඩපිළිවෙළක් ලෙස මේ මණ්ඩලය පත් කර ඇත. පුද්ගලයන් අතුරුදන්වීම පිළිබඳ විමර්ශන කිරීම පිණිස වූ ජනාධිපති කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා වගකීමෙන් යුතුව කටයුතු කර තිබේ.  අපේ කොමිසම් සභාව අදාළ ගැටලුව මේ අයට ඉදිරිපත් කරයි. එය අපට විරුද්ධව පරීක්ෂණ කිරීමක් නොවෙයි. ඒ අයගේ උපදෙස් පරිදි කොමිසම වැඩ කරගෙන යනු ඇතැයි අමාත්‍යවරයා කීය.

    යුද්ධය පැවති කාලයේ මේ රට මුදල් විය පැහැදම් කළා. නැත්නම් ත්‍රස්තවාදය නිමකරන්න බැහැ. ජනතාව සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කළා. රජයේ අරමුදල්වලින් මුදල් වැය කරන්න නීත්‍යනුකූලව අපේක්ෂා කරනවා. අප කළ යුතු ක්‍රියාව තුළ නීතිපතිවරයා සම්බන්ධයෙන් විශ්වාසයක් නැතැයි කිව නොහැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya