පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව කීය.
ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි ආයුර්වේද උපාධිය සමත් වෛද්‍යවරුන් සංඛ්‍යාව 2192ක් වන අතර ආයුර්වේද ඩිප්ලෝමාව සමත් පිරිස 3651කි. මේ සභාවේ පාරම්පරික වෛද්‍යවරුන් 13931 දෙනෙකු ලියාපදිංචි වී ඇති බවත් 2013 වර්ෂය සඳහා වෛද්‍යවරුන්ගේ ලියාපදිංචි ලේඛනය යථාවත් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
NDH/HC