අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාගම්පුර වරායෙන් 2014 පළමු මාස 7 දී මිලියන 1236ක ආදායමක්

    අගෝස්තු 07, 2014
    රුහුණු මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය මේ වසරේ මුල් මාස හත තුළ රුපියල් මිලියන 1236ක ආදායමක් ලබා ඇති බව මහාමාර්ග, වරාය හා නාවික කටයුතු පිළිබඳ ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මේ බව ප්‍රකාශ කළේය.

     

    මේ වසර අවසාන වන විට හම්බන්තොට වරායේ සමස්ත ආදායම රුපියල් මිලියන 15,000ක් වනු ඇති බව විශ්වාසය කරන බව ද ඔහු කීය.

     

    මේ වසර තුළ වාහන ප්‍රතිඅපනයනය තුළින් පමණක් රුපියල් මිලියන 1212ක ආදායමක් ලබා තිබෙන බවත් හම්බන්තොට වරාය මඟින් මේ වසරේදී වාහන 70,985ක ප්‍රමාණයක් ප්‍රතිඅපනයනය කර ඇති බවත් අබේගුණවර්ධන මහතා පැවසීය.

     

    එමඟින් වාහන ආනයනකරුවන්ට විශාල වාසි රැසක් ලැබී ඇති බවත් ‍කොළඹ වරාය මඟින් වාහන ආනයනය නවතා දමා නැති අතර ඕනෑම කෙනෙකුට කොළඹ වරායෙන්ද වාහන ගෙන්වා ගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. 
     
    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya